LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

සංවාද සංස්කාරකයෙහි පාලක ගුණාංග වෙනස්කරමින්

ඔබ සංවාදයකට එක් කරන පාලකයේ වත්කම් සැකසිය හැක. උදාහරණයක් ලෙස, ඔබට එක් කල වර්ණය, නම සහ බටනයේ ප්‍රමාණය වෙනස් කල හැක. ඔබ සංවාදයක් තැනීමේදී හෝ සංස්කරණය කිරීමේදී බොහෝ පාලක ගුණාංග වෙනස් කල හැක. කෙසේ වුවත් ඔබට ධාවන අවස්ථාවේදී වෙනස් කල හැක්කේ සමහර ගුණාංග පමණි.

සැලසුම් ආකාරයේදී පාලක ගුණාංග වෙනස් කිරීමට, පාලකය මත දකුණත් ක්ලික් කර, අනතුරුව ගුණාංග ‍තෝරන්න.